සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය මහනුවර දී ආරම්භ වේ.

දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය මහනුවර දී ආරම්භ වේ.

දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය මහනුවර දී ආරම්භ වේ. ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය මහනුවර මහනගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී 26 දින ආරම්භ කෙරින. (26 වැනිදා සිට 29 වැනිදා දක්වා) මෙම තරගාවලිය වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ කණ්ඩායම් බාලක බාලිකා ඒකල, බාලක / බාලිකා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව්වලින් සමන්විත වන අතර ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියට දකුණු ආසියානු කලාපයෙන් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම මේස පන්දු තරගාවලිය පැවැත්වේ. දකුණු ආසියානු මේස පන්දු සංගමයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කරන මේ තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව ලැබී ඇත්තේ වසර 7කට පසුවය. මෙම තරගාවලිය සදහා ක්‍රිඩක ක්‍රිඩිකාවන් 132 දෙනෙකු සහභාගි වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවුරුදු 15න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනකු සහ 19න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10 දෙනකු එක්ව සිටිති. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම: අවුරුදු 15න් පහළ බාලක. සෙනුල් රත්නායක (ධර්මරාජ), ආකේන් බෝජිත් (ධර්මාශෝක), නවිරු නෙත්සිත (ධර්මාශෝක), අගස්ත්‍ය ආනන්දිත (බොන්ඩ් ජාත්‍යන්තර පාසල) බාලිකා. යෝෂිනි ජයවර්ධන (මහාමායා), මුතුලි සහන්යා (සවුත්ලන්ඩ්), සමින්දි වීරසූරිය (යහපත් එඬේරාගේ කන්‍යාරාමය), මෙකල්‍යා ප්‍රනාන්දු (එලිසබෙත් මෝයර්) අවුරුදු 19න් පහළ බාලක. ජනිත් බටුගෙදර (රාජකීය), ෂෆියුල්ලා අක්‍රම් (ත්‍රිත්ව), ඩිරාන් හාමර් (රාජකීය), සාලුක ප්‍රේමචන්ද්‍ර (ආනන්ද), විනුක ගුණවර්ධන (රාජකීය) බාලිකා. බිමන්දි බණ්ඩාර (හිල්වුඩ්), දිව්‍යා ධරණි (ධර්මාශෝක), ලෙසන්යා සේතුම්දී (ධර්මාශෝක), සන්දිති ජයසිංහ (මියුසියස්), තමාදි කාවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද)

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook