සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

තරුෂි ගෙන් රන් ද්විත්වයක් ශ්‍රී ලංකාවට.

තරුෂි ගෙන් රන් ද්විත්වයක් ශ්‍රී ලංකාවට.

තරුෂි ගෙන් රන් ද්විත්වයක් ශ්‍රී ලංකාවට. තායිවාන විවෘත මලල ක්‍රිඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව රන් පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය. තායිවාන විවෘත මලල ක්‍රිඩා තරගාවලියේ දී කාන්තා මීටර 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් විය. තරුෂි මීටර් 800 තරගයෙන් මෙන්ම මෙම තරගාවලියේ දී මීටර් 400 ඉසව්වෙන්ද රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එසේම ශ්‍රී ලංකා මාතාව රනින් බැබලවූ තරුෂි කරුණාරත්න මීටර් 400 ඉසව්වෙන් හොඳම කාලය වාර්තා කිරීමට ද සමත් වීම විශේෂත්වයකි. මීටර් 800 විනාඩි 02.05.74 නිම කරමින් මෙම තරගාවලියේ වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනාගනු ලැබු අතර , තරුෂි අතින් බිඳ වැටෙන්නේ මෙම තරගාවලියේ විනාඩි 02.07.16ක් ලෙස පැවති වාර්තාවයි. තායිවාන විවෘත මලල ක්‍රිඩා තරගාවලියේ දී කාන්තා මීටර් 400 ඉසව්ව තත්ත්පර 52.48කින් නිමකරමින් එහි ජය වාර්තා කිරීමට තරුෂි කරුණාරත්න සමත් වුයේ, මීටර් 400 ඉසව්වට සිය ක්‍රිඩා දිවියේ තරුෂි වාර්තා කරන ලද හොඳම කාලය සටහන් කරමිනි. මීට පෙර තරුෂි මීටර් 400 ඉසව්වෙන් වාර්තා කරන ලද හොඳම කාලය ලෙස 2023 වර්ෂයේ දී සර් ජෝන් ටාබට් තරගාවලියේ දී වාර්තා කළ තත්ත්පර 52.63 කාලය දැක්විය හැකිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook