සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නාරම්පනාව හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී.

නාරම්පනාව හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී.

නාරම්පනාව හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරගයේ පිරිමි අංශයේ ජය හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ආර්.ජි.අයි.එන්.නාරම්පානාව සමත් වූ අතර තරගයේ කාන්තා අංශයේ ජය මහනුවර දිස්ත්‍රික්කයේ කේ.ජි.ජි.ශානිකා අබේතිස්ස හිමිකර ගන්නා ලදී. ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සදහා මධ්‍යම පලාත් කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවති මෙම තරගයේ පිරිමි අංශයේ දෙවන ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ එම්.සත්‍යසිවන්ත හා තෙවන ස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ එස්.එස්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සි.පෙරේරා හිමකර ගන්නා ලද අතර , කාන්තා අංශයේ දෙවන හා තෙවන ස්ථානයන් පිලිවෙලින් මහනුවර දිස්ත්‍රික්කයේ එන්.ජි.බි.එච්.කුමාරි හා ජි.ආර්.අයි.එස්.කුමාරි හිමිකර ගන්නා ලදී. තරගාවලියේ කාන්තා අංශයේ ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථානයන් ත්‍රිත්වයම දිනාගත් ක්‍රීඩිකාවන්ගේ මුල් පුහුණුකරු ලෙස යටිනුවර ක්‍රීඩා නිලධාරි ටෙරන්ස් බණ්ඩාර වීරකෝන් කටයුතු කිරීම විශේෂත්වයකි. මෙම තරගාවලියේ දී මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් එක්ව සිටි අතර , ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සදහා පිරිමි අංශයෙන් ක්‍රීඩකයින් 10 දෙනෙකු හා කාන්තා අංශයෙන් ක්‍රීඩිකාවන් 06 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා ලදී. ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග ජුනි මස දී මහියංගනයේදී පැවැත්වීමට නියමිතය. මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී මහත්මියගේ මගපෙන්වීම මත මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සම්බන්ධිකරණ කටයුතු මාතලේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා පුහුණුකරු විශාකා මල්ලව විසින් සිදු කරන ලද අතර, මෙම තරගය 30 දා මහනුවර දිගන ගොල්ෆ් ක්‍රීඩාංගනය ආශ්‍රිතව පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook