සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

අනුනායක පදවිය පිළිබදව ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමිමේ පුණ්‍ය මහෝත්සවය පිළිබඳව සාකච්ඡාවක්.

අනුනායක පදවිය පිළිබදව ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමිමේ පුණ්‍ය මහෝත්සවය පිළිබඳව සාකච්ඡාවක්.

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධූරයට පත්වූ රාජකිය පණ්ඩිත පුජ්‍යපාද අංකුඹුරේ ප්‍රේමවංශ නාහිමියන් වෙත අභිනව අනුනායක පදවිය පිළිබදව ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමිමේ පුණ්‍ය මහෝත්සවය පිළිබඳව සාකච්ඡාවක් (07) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවැත්විණි. මෙම සාකච්ඡාව මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක , ඓතිහාසික ගැටඹේ, රාජෝපවනාරාමාධිපති අති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක ස්වාමින් වහන්සේගේ මුලාසනයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්න්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමෙග් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අභිනව අනුනායක පදවිය පිළිබදව ශ්‍රි සන්නස් පත්‍රය පිරිනැමිමේ පුණ්‍ය මහෝත්සවය අගොස්තු මස 18 දින ප.ව 2ට මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ගේ මුලාසනයෙන් මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු මැති ඇමතිවරුන් ඇතුලු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පොල්ගොල්ල, ජාතික සමුපාකාර සංවර්ධන ආයතනයේ, මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේ දි පැවැත්වේ. මෙහිදි අදාළ උත්සව කටයුතු සංවිධාන පිළිබදව සාකච්ඡා කෙරුණු අතර ආදාළ පාර්ශවයන් වෙත වගකිම් පැවරිමක් සිදු කෙරිණි. මෙම රැස්විම සදහා මහා විහාර වංශික ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක රාජකිය පණ්ඩිත පුජ්‍යපාද අංකුඹුරේ ප්‍රේමවංශ නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් (වැ.බ) කුමුදුනි ප්‍රේමචන්ද්‍ර, සහකාර ආණ්ඩුකාර ලේකම්(වැ.බ) පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධ දොර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, යන මහත්වරුන් ඇතුලු රාජළ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook