සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින්  පවත්වනු ලබන මිහිඳු පෙරහැර මෙරත් උත්කර්ෂවත් අයුරින්.

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින් පවත්වනු ලබන මිහිඳු පෙරහැර මෙරත් උත්කර්ෂවත් අයුරින්.

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින් පවත්වනු ලබන මිහිඳු පෙරහැර මෙරත් උත්කර්ෂවත් අයුරින්. මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින් වාර්ෂිකව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පවත්වනු ලබන මිහිඳු පෙරහැර මෙරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම්ට කටයුතු යොදා ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් පරිදි මෙවර පොසොන් පෙරහැර පැත්වීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය. ඒ අනුව මෙවර මිහිඳු පෙරහැර පොසොන් පෙහොය දින අලි ඇතුන් සහතිව, සංස්කෘතික අංග සහිතව මෙවර පෙරහැර මහනුවර නගරයේ දී වීදී සංචාරය කිරීමට නියමිත අතර මෙම පෙරහැර සංවිධානය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබිදීමට සාකච්ඡාව සඳහා සහභාගී වූ ආයතන විසින් එකඟ විය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩී.ආර්. පියදාස, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේමබණ්ඩාර යන මහත්ම මහත්මීන් මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ සභාපති වෝල්ටර් රණසිංහ මහතා ඇතුළු විධායක සාමාජිකයින් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook