සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා වර්ධනය කිරීමේ වැඩමුළුවක්.

හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා වර්ධනය කිරීමේ වැඩමුළුවක්.

මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික අමාත්‍යාංශය මගින් හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා වර්ධනය කිරීමේ වැඩමුළුවක් පසුගිය 01 දා මාතලේ හින්දු විද්‍යාලයේදී පැවැත්විණ. දහම් පාසල් ගුරුවරුන් 100 දෙනෙකු මීට සහභාගී විය. ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක (හින්දු ආගම) කේසවන් උමාදේවි මහත්මියගේ හා ප්‍රවීණ දේශක නීතීඥ එම්. සුරේෂ් කුමාර් මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන අවසානයේ සහභාගී වූ සියලුම ගුරු මහත්ම මහත්මීන් වෙත සහතික පත්‍ර බෙදා දීමක් සිදුවිය. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ සැලසුම් සහකාර අධ්‍යක්ෂ ඩී.එම්. ශීලා මැණිකේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු වැඩසටහන සංවර්ධන නිලධාරී ආර්. මධූරි, මානෙල් අඟුලාගොඩවත්ත යන මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් රත්තොට හින්දු දහම් පාසල් සම්බන්ධීකරණ හා හින්දු තරුණ සංගම් සභාපති එම්. පරමලිංගම් මහතාගේ සහයෝගයෙන් පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook