සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නැණෝදා’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ.

නැණෝදා’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ.

නැණෝදා’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ. ‘නැණෝදා’ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය මහනුවර, ධර්මරාජ විද්‍යාලයේ දී අද (13) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාව මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප පහලොව ආවරණය වන සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මහනුවර කලාප අධ්‍යපන කාර්යාලයේ සම්බන්ධීකරණය කළ මෙම සම්මන්ත්‍රණය සදහා ඇට්ලස් ලංකා සමාගම මඟින් අනුග්‍රාහකත්වය ලබා දේ. දරුවන් විභාගය සදහා පමණක් නොව ජීවිතය සදහා සූදානම් කිරීම වැදගත් වන බවත්, දැනුම, කුසලතා මෙන්ම ආකල්පයන්ගෙන් ද දරුවන් පෝෂණය කළ යුතු බවත්, පාසල් අධ්‍යාපනයේ වැදගත් කඩඉමක් වන ශිෂ්‍යත්ව විභාගය පදනම් කරගනිමින් දරුවන් සදහා මෙවැනි වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම ඉතා වැදගත් වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේය. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් මේනක හේරත්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කේ.ජි.ඒස්. නිශ්ශංක මහනුවර හා මාතලේ දිස්ත්‍රීක් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, ඇට්ලස් ලංකා සමගමේ නියෝජිතයින් ඇතුළු දෙමාපියන්, සිසු දරුවන් පිරිසක් ද සහභාගී විය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook