
මාධ්‍ය සමාජ බලගැන්විමේ වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් ගුරුදෙණිය මහා විද්‍යාලයේ දී.
මාධ්‍ය සමාජ බලගැන්විමේ වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් ගුරුදෙණිය මහා විද්‍යාලයේ දී.
ඵලදායි හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමේ පරමාර්ථය පෙරදැරිව,අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවනු ලබන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත් පාසල් වල 2024 වර්ෂයට ආදාල මාධ්‍ය සමාජ බලගැන්විමේ වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් මහනුවර අධ්‍යාපන කලාපයේ ගුරුදෙණිය මහා විද්‍යාලයේ දී අද දින (13) පැවැත්විණ.
මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ, මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා මෙහි සම්පත් දායකත්වය දැක්වූ අතර ජනමාධ්‍යයේ යහපත් සහ අයහපත් බලපෑම,ප්‍රවෘත්ති වාර්තාකරණය මෙන්ම පාසල් මාධ්‍ය ඒකකයක් පිහිටුවීම හා එහි වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහි දී දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට ගුරුදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පතිනි එච්. එම්. පද්මා කුමාරි මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිතුමා, පාසල් මාධ්‍ය සමාජය භාර ගුරුතුමිය හා මාධ්‍ය ඒකකයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.