
තරුෂී කරුණාරත්න හා ෂෙහාන් දිල්රංග රන් ඔටුනු සම්මානයෙන් පිදුම් ලබයි.
තරුෂී කරුණාරත්න හා ෂෙහාන් දිල්රංග රන් ඔටුනු සම්මානයෙන් පිදුම් ලබයි.
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ වර්ණ ප්‍රධානෝත්සවයේදී (2022-2023) වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂී කරුණාරත්න හා ෂෙහාන් දිල්රංග යන ක්‍රීඩක ක්‍රීඩීකාවන් රන් ඔටුන්න සම්මානයෙන් පිදුම් ලැබීය.
තරුෂි කරුණාරත්න ක්‍රිඩිකාව 2023 වර්ෂයේ කොරියාවේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් ඇතුළු පදක්කම් තුනක් දිනා ගැනීමත්, ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී වසර 21ක් පැරණි කාන්තා මීටර් 800 ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් බිහිකිරීම , චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම යන කරුණු මීට පාදක වී ඇති අතර, ෂෙහාන් දිල්රංග ක්‍රීඩකයා 2023 වර්ෂයේ කොරියාවේ පැවැති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී (මීටර් 400 × 4 මිශ්‍ර සහය ඉසව්වෙන්) රන් පදක්කම දිනා ගැනීම මෙයට පාදක විය.
මෙම වර්ණ ප්‍රධානෝත්සවයේදී රිදී ඔටුන්න සම්මානය වත්තේගම මධ්‍යම මහා විද්‍යාලයේ යු.ජී. ඕ.පි. සම්පත් ක්‍රීඩකයා හිමිකරගනු ලැබුවේ 11වන ආසියානු කනිෂ්ඨ වූෂු තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙනි.
වත්තේගම අධ්‍යාපන කලාපයේ වර්ණ ප්‍රධානෝත්සවය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
දිවයිනේ පිහිටි අධ්‍යාපන කලාප 101 අතරින් ක්‍රීඩාවෙන් නොමැකෙන සැලකුණු තබමින් රටේ අනාගත ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශිෂ්ට දක්ෂතා දක්වා ඇති අධ්‍යාපන කලාපය ලෙස වත්තේගම අධ්‍යාපන කලාපය හැඳින්වෙන අතර , 2020 වර්ෂයේ මෙම අධ්‍යාපන කලාපයේ පාසල් පහක් පමණක් සමස්ත ලංකා ජයග්‍රහණ අත් කරගෙන පැවති අතර 2023 වර්ෂය වන විට එම ප්‍රමාණයේ පාසල් දහ අටක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම 2022 -2023 වර්ෂ වල පැවැති සමස්ත ලංකා මට්ටමේ තරඟවලදී වත්තේගම අධ්‍යාපන කලාපය රන්, රිදී හා ලෝකඩ පදක්කම් හාරසිය තිස් හතක්(437) දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.
මෙම වර්ණ ප්‍රධානෝත්සවයේදී ක්‍රිඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා භාර ආචාර්යවරුන් , පුහුණුකරුවන් හා විදුහල්පතිවරුන් ඇගයීමට ලක් කරණලදි. ඒ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 806ක්, ක්‍රීඩාභාර ගුරුවරුන්, පුහුනූකරුවන් හා විදුහල්පතිවරුන් 188 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් වූ අතර , මෙහිදී දක්ෂතා මට්ටම් 5 ක් පදනම් කරගනිමින් සම්මාන, අධිසම්මාන , වර්ණ ,රිදී ඔටුන්න, රන් ඔටුන්න යන අංශයන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරෙන.
වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ හා ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ සුසන්ත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වත්තේගම අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට, කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුජීවා වීරසුන්දර , අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන), අමිත් වීරසිංහ පදනමේ සභාපති ව්‍යාපාරික අමිත් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.