සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්.

මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්.

මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්. මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පත් කර ඇත. ඒ අනුව අධ්‍යක්ෂවරයා වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (18) සිදු විය. මිට පෙර නිශාන්ත මාදුවගේ මහතා ගලේවෙල, හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම් ලෙසත් පසුව ශ්‍රී ලංකා හදබිම අධීකාරියේ අධ්‍යක්ෂ ලෙසත් මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ලෙස ද කටයතු කර තිබේ. මෙහිදි අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි සංචාරක ආකර්ශනීය ස්ථාන හා ගමනාන්තයන් ප්‍රචලිත කරමින්, පහසුකම් සංවර්ධනය කරමින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පසුබිම හා තීන්දු තීරණ ගැනීමටත් පළාතේ සංචාරක ස්ථාන වැඩිදියුණු කිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විදේශ විනිමය උපයා ගන්නා ආකාරයේ විධිමත් වැඩපිළීවෙලක් සකස් කරන ලෙසත්, අත්දැකිම් බහුල නිධාරියෙකු ලෙස පළාතේ සංචාරක කේෂ්‍රතය දියුණු කිරිමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත් ඒ සදහා අවශ්‍ය කටයුතු උපදෙස් නිරන්තයෙන් ලබා දෙන බවද පැවසීය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook