සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ජාත්‍යන්තර යෝග දින සැමරුමට සමගාමිව මහනුවර දී වැඩසටහනක්.

ජාත්‍යන්තර යෝග දින සැමරුමට සමගාමිව මහනුවර දී වැඩසටහනක්.

ජාත්‍යන්තර යෝග දින සැමරුමට සමගාමිව මහනුවර දී වැඩසටහනක්! ජාත්‍යන්තර යෝග දින සැමරුමට සමගාමිව සංවිධානය වූ මධ්‍යම පළාත් යෝග දින සැමරුම් උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයන පරිශ්‍රයේ දී 18 වන දින පැවැත්විණ. 10 වන ජාත්‍යන්තර යෝග දින සැමරුම් උත්සවයට සමගාමිව මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධාන කොට පැවති අතර එහි ප්‍රධාන තේමාව ලෙස “ යෝගා තමාට හා සමාජයට ” යන්න යොදාගෙන පැවතුනි. කායික මානසික සුවතාවය ඇති කරමින් යෝග ප්‍රචලිත කිරීම හා එය ජිවන චර්යාවේ අංගයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ඉන්දිය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවියගේ මෙහෙයවීම මත සංවිධානය වී පැවැති මෙම වැඩසටහන සඳහා හිටපු ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, ටිකිරි කොබ්බෑකඩුව , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් , මහනුවර නගරය අවට පාසල්වල දරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook