ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය අතින් පළමු ස්ථානයේ පසුවන මධ්‍යම පළාතේ සංචාරක කර්මානත්යේ ඉදිරි පියවරක් වෙනුවෙන් නව සංචාරක සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබදව වූ විශේෂ සාකච්ජාවක් (06) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
රටතුළ පවතින විවිධ අර්බුද හමුවේ ඒවා ජය ගනිමින් පලාතක් ලෙස ඉදිරි පියවරක් තබමින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදීමේ අපේක්ෂාවෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය ප්‍රබලව බලපානු ලබන අතර, සංචාරක කර්මාන්තයට දායකත්වය දක්වන සියලු පාර්ශවයන්ගේ සහය ලබාගනිමින් මධ්‍යම පළාත සදහා නව ක්‍රියාකාරී සංචාරක සැලැස්ම සැකසීමට නියමිත අතර කෙටි කාලින ,මාධ්‍ය කාලින හා දිගුකාලින වශයෙන් පස් අවුරුදු සැලැස්මක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. ජාතික සංචාරක වැඩසටහනට සමගාමිව ජාතික ,පළාත් හා ප්‍රාදේශීය වශයෙන් මෙය ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතය.
පාරිසරික ,සංස්කෘතික , හා වෙනත් කේෂ්ත්‍රයන් හදුනාගනිමින් සංචාරකයින් ගෙන්වා ගැනීම, පළාත තුළ රදවා ගැනීම , විනෝදාස්වාද ක්‍රීඩා ඇති කිරීම ඇතුළුව නව ක්‍රියාකාරකම් ඇති කිරීම , ඇතුලත්ව මෙය මහනුවර ,නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික් පදනම් කර ගනිමින් සැකසීමට සැලසුම් කෙරේ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් පසන් රත්නායක, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්, පළාත් සංචාරක අධ්‍යක්ෂ අරුණි තිලකරත්න , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් )කේ.ජි.එස්.නිශ්ශංක,අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් චමිලා විජේරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් , UNDP ආයතනයේ නිලධාරීන්, විද්වතුන් , ආරක්ෂක අංශ නියෝජිතයින්, සංචාරක මගපෙන්වන්නගේ සංගමයේ නිලධාරින් , කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ නිලධාරින් , සංචාරක හෝටල් නියෝජනය කරමින් පිරිස් සහභාගී වුහ.
