සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මැදරට කුළුබඩු ලෝකයට යවන්නට වැඩපිළිවෙලක්.

මැදරට කුළුබඩු ලෝකයට යවන්නට වැඩපිළිවෙලක්.

මැදරට කුළුබඩු ලෝකයට යවන්නට වැඩපිළිවෙලක්. මධ්‍යම පළාත තුල අපනයන භෝග ව්‍යාප්තියෙන් සහ නිමි නිෂ්පාදනයන් ලෙස ලෝක වෙළද පොලට ඉතා ඉහල ගුණාත්මකභාවයකින් යුතු කුළුබඩු අපනයනය කිරිමේ හැකියාව පවතින බවත් , ඒ සදහා පවතින ඉහල ඉල්ලුමට සරිලන ලෙස සැපයීම සදහා ව්‍යවසායකයන් බල ගැන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය මේ සදහා ව්‍යාපෘතියක් හදුන්වා දෙනු ලැබූ අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් , අපනයන තත්වයෙන් සිය නිෂ්පාදන සංවර්ධනය කර ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික සහ මුල්‍ය සහාය ලබා දීමටත්, වෙළද පොළ සම්බන්ධීකරණය කර දීමටත්, පරිපාලනික උපදෙස් ලබාදීම ඇතුළු සේවා රැසක් සැපයීමට ආයතනය බලාපොරොත්තු වේ.ඒ යටතේ කුළුබඩු නිෂ්පාදනය ප්‍රවර්ධනයට අදාළ ව්‍යවසායකයන් බල ගැන්වීමේ ව්‍යාපෘතියේ සමාරම්භය පසුගියදා පුජාපිටිය , බෝතොට ප්‍රදේශයේ බෝතොට ඔර්ගනික් ආයතනයෙන් දියත් කෙරෙණි. මෙම ආයතනය සදහා එදින රුපියල් ලක්ෂ 20 කට වැඩි වටිනාකමකින් යුතු වියලන යන්ත්‍රයක් ප්‍රදානය කල අතර ප්‍රදේශයේ ගොවින් සදහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පැළ සහ පොහොර බෙදා දෙනු ලැබිය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරගේ සුරතින් ආයතනයේ අධිපති ඩි. ජි.එච්. එල් වසන්ත මහතා වෙත නිල වශයෙන් යන්ත්‍රය භාර දෙනු ලැබූ අතර, මෙම අවස්ථාවට කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නිතීඥ ජානක සකලසුරිය ,අධ්‍යක්ෂ සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසුරිය, කර්මාන්ත ලේකම් චරිතා ඉලංගකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook