සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාර්ග අමාත්‍යංශයේ කොස් සමග පොල් රොටී දන්සල

මාර්ග අමාත්‍යංශයේ කොස් සමග පොල් රොටී දන්සල

මාර්ග අමාත්‍යංශයේ කොස් සමග පොල් රොටී දන්සල පොසොන් පොහොය දිනය නිමිති කොටගෙන මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යාංශ විසින් සංවිධානය කළ කොස් සමග පොල්රෝටි දන්සල එම අමාත්‍යංශ පරිශ්‍රය ඉදිරිපිට දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (20)ආරම්භ කිරීම සිදුවිණී. මාර්ග සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් එම අමාත්‍යංශ කාර්ය මණ්ඩලය එක්ව මෙම දන්සල සංවිධානයක් තිබූ අතර විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.මෙම අවස්ථාවන් සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන්, මධ්‍යම පලාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට, අමාත්‍යංශ ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අලුත්ගමගේ වීරසිංහ යන මහත්ම මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook