සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පොසොන් පොහොය නිමිත්තෙන් මහනුවර ආයතන පරිශ්‍රයන්හී දන්සැල් රැසක්.

පොසොන් පොහොය නිමිත්තෙන් මහනුවර ආයතන පරිශ්‍රයන්හී දන්සැල් රැසක් . පොසොන් පොහොය දිනය නිමිතිකොටගෙන මහනුවර රාජ්‍ය ආයතන ඇතුලු ස්ථාන රැසක දන්සැල් සංවිධානය කර තිබු අයුරු දක්නට ලැබූ අතර ,මහනුවර මධ්‍යම වෙ‍ෙළදපොල ඉදිරිපිට එක්සත් පළතුරු වෙළද සංගමය මගින් 6වන වරටත් පැවැත්වු මහා දුන්තෙල් බත්දන්සල සහ මහනුවර දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි එකමුතුවේ සිසුන් දෙවැනි වරටත් සංවිධානය කළ මඤ්ඤොක්කා දන්සල ද 20දා පැවැත්විණි.එම දන්සැල් ආරම්භකිරීමේ අවස්ථාවන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකොන්,මධ්‍යම දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක,මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ,එක්සත් පළතුරු වෙළද සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රනාන්දු යන මහත්ම මහත්මින් නිලධාරින් කාරක සභිකයින් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook