සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා ශූරතාවය ගඟවටකෝරළයට.

මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා ශූරතාවය ගඟවටකෝරළයට.

මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා ශූරතාවය ගඟවටකෝරළයට. මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගාවලියේ දී තියුනූ තරගයකින් පසුව ශූරතාවය දිනා ගැනීමට ඟගවටකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමත් විය. මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා ශූරතාවය ලකුණු හැත්තෑ හතක්(77) ලබා ගනිමින් ඟගවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දිනා ගනිද්දී අනුශූරතාවය දිනා ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමත් වූයේ ලකුණු 74 ක් ලබා ගනිමිනි. තරගාවලියේ මලල ක්‍රීඩා පිරිමි ශූරතාවය ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, කාන්තා මලල ක්‍රීඩා ශූරතාවය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් හිමිකර ගන්නා ලද අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෆියා යමික් (100/200) ද, දක්ෂතම ක්‍රීඩකයා ලෙස උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය කළ පැතුම් හේරත්(දුර පැනීම) ද සම්මානයට පාත්‍ර විය. මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්ස(20) අතර පැවැති මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිත අතර, ඉන් ජය ගනු ලබන්නන් මධ්‍යම පළාත නියෝජනය කරමින් 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබයි. මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී චන්න සෝමරත්න ගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර එම තරගාවලිය පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook