
8 වන ජාතික ක්‍රීඩා උළෙලේ හෑන්ඩ් බෝල් ශුරතා මධ්‍යම හා බස්නාහිරට.
8 වන ජාතික ක්‍රීඩා උළෙලේ හෑන්ඩ් බෝල් ශුරතා මධ්‍යම හා බස්නාහිරට.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 48 වන ජාතික මහා ක්‍රිඩා තරඟාවලියට සමගාමීව පවත්වන ලද හෑන්ඩ් බෝල් ජාතික තරඟාවලිය පසුගියදා බණ්ඩාරගම ගෘහස්ත ක්‍රිඩාගාරයේදී පැවැත්විණි.
මෙම තරඟාවලියේ පිරිමි ශූරතාවය මධ්‍යම පළාත හිමිකර ගනු ලැබුවේ ලකුණු 35/32 ලෙස ලබා ගනිමින් වයඹ පළාත අනුශුරයන් බවට පත් කරමිනි. තරඟාවලියේ දක්ෂතම ක්‍රිඩිකයාට හිමි සම්මානය මධ්‍යම පළාත නියෝජනය කරන ලද ආර්.එම්.එස්.එස්.බණ්ඩාරනායක පිදුම් ලැබිය.
කාන්තා අවසන් තරගයේදී බස්නාහිර පළාත ශූරතාවය දිනාගනු ලැබූවේ ලකුණු 30/24 ලෙස මධ්‍යම පළාත අනුශුරයන් බවට පත් කරමිනි.
මධ්‍යම පළාත ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ශුරතාවය හා අනුශුරතාවය ලබාගනිමින් මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.