සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

කන්ද උඩරට  සංඝරාජ පෙරහැර මෙවරත් .

කන්ද උඩරට සංඝරාජ පෙරහැර මෙවරත් .

කන්ද උඩරට සංඝරාජ පෙරහැර මෙවරත්. උපසම්පදා විනය කර්මය නැවත පිහිටුවා, ලංකා භික්‍ෂු ශාසනයේ චිරස්තිථිය තහවුරු කරමින් ශ්‍රී ලංකේය බොදුණුවන්ගේ නැණ පහන් දැල්වීමට තම දිවියම කැප කළ, වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජයාණන් වහන්සේගේ මහා ශාසනික සේවාව අනුස්මරණය වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සංඝරාජ පෙරහැර 78 වෙනි වරටත් ජුලි 20 දිනට යෙදෙන ඇසල පුරපසලොස්වක පොහොය දින පැවැත්වීමට සැලසුම් කෙරේ. ඊට සමගාමිව සිදුකෙරෙන ප්‍රාතිදානමය පුණ්‍ය කර්මය,ඇතුළු පින්කම් මාලාව මල්වතු මහ විහාර පාර්ශවයේ අතිපුජනිය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමින් වහන්සේගේ අනුශාකත්වයෙන් මල්වතු විහාර වාසී, කර්මාචාර්ය ශ්‍රී සංඝරාජ දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය, අඹතලාවේ සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මුලිකත්වයෙන්, ශ්‍රී සංඝරාජ ගුණානුස්මරන සමිතියේ මෙහෙයවීමෙන්, මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ පුර්ණ අනුග්‍රහයෙන්, ඇසල මස 20 වන පොහෝ දින සිදු කිරීමට කටයුතු සංවිධානය කෙරේ. එම කටයුත්තෙහි ප්‍රධානතම අංගය වන, මහනුවර නගරය කේන්ද්‍රියව වාර්ෂිකව පැවැත්වෙන, ශ්‍රී සංඝරාජ ප්‍රතිමාව රැගත් දර්ශනීය පෙරහැරයි , මහනුවර ඵෙතිහාසික මල්වතු මහ විහාරයෙන් ගමන් අරඹා මහනුවර නගරයේ වීදී සංචාරය කෙරේ. එම කටයුත්ත සදහා මධ්‍යම පළාත් සභාව , ශ්‍රී දළදා මාලිගාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ,මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ මහනුවර පොලිස් ස්ථානය , මහනුවර මහා නගර සභාව , මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා වෙළද හා සමාජ සංවිධාන කටයුතු සදහා දායක වේ. සංවිධාන කටයුතු පිලිබඳ සාකච්ඡාවක් 11 දින, අඹතලාව ශ්‍රී සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මුලිකත්වයෙන් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු ආයතන ප්‍රධානින ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි . කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවති එම සාකච්ඡාවට , මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මහනුවර නාගරික කොමසාරිස්, මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනුයුක්ත සංකෘතික නිලධාරීන් ආදී රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී සරණංකර ගුණානුස්මරණ සමිතියේ නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී වීය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook