
මධ්‍යම පළාත් පාලනයේ 575 ක් ස්ථිර සේවයට.
මධ්‍යම පළාත් පාලනයේ 575 ක් ස්ථිර සේවයට.
පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක, කොන්ත්‍රාත්, තාවකාලික හා සහන පදනම මත සේවය කළ මෙතෙක් සේවා ස්ථිර කිරීමක් නොලද 575 දෙනෙකු සඳහා රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් පිරිනැමීම පසුගියදා මහනුවර නගර සභා, කරලිය ශ්‍රවනාගාරයේදී, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉතා විශාල කාලයක් ස්ථිරත්වයක් නොමැතිව, මහනුවර, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් කැපවුණු, එම සේවක මහත්ම මහත්මීන්ගේ ජිවිත වෙත නව ආලෝකයක් ලබා දෙමින්, සිය තනතුරේ ස්ථිර පත්වීම් ලැබීමට ඉන් අවස්ථා උදාවිය.
පත්වීම් ප්‍රදානොත්සවය ඇමතූ අග්‍රාමාත්‍යවරයා, නව පත්වීම් ලාභීන් හෙට දිනයේ සිට නව රාජකාරි කටයුතු, හුදෙක් රාජකාරියකට පමණක් සීමා නොකොට, එය තම උපන් බිම වෙනුවෙන් සිදු කරන වගකීමක් ලෙස සලකා සිදුකළ යුතු බව පෙන්වා දෙනු ලැබිය.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, අග්‍රාමාත්‍යවරයා ලෙස නොව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වීමට ලැබීම ඉතාමත් සතුටූ වන බවය. එතුමන් නව ස්ථිර පත්වීම්ලාභීන් වෙත සුබපැතුම් ද එක් කළේය.
මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව සංවිධානය කළ එම උත්සව අවස්ථාව සඳහා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලුම් අමුණුගම, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය, රෝහණ දිසානායක , පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන සහ මධ්‍යම පළාත් සභා සභාපති ඩි.එල්.නිමලසිරි යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයන්,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ප්‍රධානව මාතලේ,මහනුවර,නුවරඑලිය මහ දිසාපතිවරුන්, මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින්,පළාත් පාලන ආයතන ප්‍රධානින්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පළාත් පාලන ආයතනවල හිටපු දේශපාලන නියෝජිතයින් රැසක් සහභාගිව සිටියහ.