සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දැයේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන ශිෂ්‍යත්ව  මාතලේ දිස්ත්‍රික්කයේ දරුවන්ටත් බෙදා දෙයි.

දැයේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන ශිෂ්‍යත්ව මාතලේ දිස්ත්‍රික්කයේ දරුවන්ටත් බෙදා දෙයි.

දැයේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන ශිෂ්‍යත්ව මාතලේ දිස්ත්‍රික්කයේ දරුවන්ටත් බෙදා දෙයි. “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන - 2024” මධ්‍යම පළාත් සමාරම්භය සනිටුහන් කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 3134 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් (13) දින මාතලේ එඩ්වර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති අරමුදල එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව ර අදියර දෙකක් යටතේ පැවැත්විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා මෙහිදි අදහස් දක්වමින්, කඩා වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කැපවූ ජනාධිපති තුමන් රටේ අනාගතය වෙනුවෙන් මතු පරපුර වන සිසු දරුවන් වෙත ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම සදහා ගත් තීරණය තමන් පෞද්ලිකවම අගය කරන බව අවධාරණය කළේය. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 100,000කට ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරෙන අතර මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ,ගලේවෙල, නාඋල, විල්ගමුව යන අධ්‍යාපන කලාපවල දරුවන් 3134 ප්‍රමාණයක් වෙත මෙම ශිෂ්‍යත්ව ලබාදීම මෙහිදී සිදුවිය. මෙම අවස්ථාව සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ක්‍රීඩා හා යෞවන කටයුතු කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක,මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ,මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩ හපොළ,පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් මේනක හේරත්,මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න,ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී තාරක ලියන පතිරණ,යන මහත්ම මහත්මීන් විදුහල්පතිවරුන්, ගරු භවතුන් හා පාසල් දරු දැරියන් දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook