සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මැදරට මහනගර සභා සදහා නව ගිනිභට නිලධාරීන්

මැදරට මහනගර සභා සදහා නව ගිනිභට නිලධාරීන්

මැදරට මහනගර සභා සදහා නව ගිනිභට නිලධාරීන්. මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන සදහා බඳවාගත් ගිනිභට නිලධාරින් 42 දෙනෙකුට හට පත්විම් ලබා දිම (15) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි සිදු කෙරිණි. මහනුවර, මාතලේ, නුවරඑළිය සහ දඹුල්ල යන මහ නගර සභා සදහා මෙම නව ගිනිභට නිලධාරීන් අනුයුක්ත කෙරේ. මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ “රට අසිරු තත්වයක ඇති මොහතක අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සැලකෙන මෙම තනතුරු සදහා පත්විම් ලබා දිම සිදු කරන බවත් පසුගිය කාලයේදී රට අස්ථාවර මට්ටමක පැවතියත් මේ වන විට එය යථා තත්වයකට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් මෙම පත්විම් ලබා දිමට හැකි වූ බව සඳහන් කළේය. රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීමේදී එහි බර රටේ බදු ගෙවන ජනතාව විසින් දරන බවත් එනිසා ඔවුන් වෙනුවෙන් සේවය කිරීම සඳහා රාජ්‍ය සේවකයීන් වශයෙන් යුතුකමක් මෙන්ම වගකීමක් ද පවතින බවත් රටෙන් මට නොව, මගෙන් රටට ඉටුවිය යුතුකම හා වගකිම් නිසි ලෙස වටහාගෙන කටයුතු කළ යුතු කාලය එළම තිබෙන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදි වැඩිදුරටත් පැවසිය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, නියෝජ්‍ය කොමසාරිස් ඒ ඩබ්ලිව්.ජි.කේ අත්තනායක යන මහත්මින් ඇතුලු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු පත්වීම්ලාභින් පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook