සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

"උරුමයක පෙරමග "

"උරුමයක පෙරමග "

"උරුමයක පෙරමග " පාරම්පරික හස්ත කර්මාන්ත අංශය වෙත පාසල් දරුවන් යොමු කිරීමේ වැඩසටහන- 2024 මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබු "උරුමයක පෙරමග " ව්‍යාපෘතියේ පළමු අදියර 2024.07.25 දින පාසල් දරුවන් හා පාසල්වල ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් මාතලේ ' ' 'උණවේරුව ' පාරම්පරික සේසත් ගම්මානයේ පැවැත්විය .මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ,මාතලේ දිස්ත්‍රික්කයේ බණ්ඩාරපොළ මහ විද්‍යාලය ,විජයපාල මහ විද්‍යාලය ,කයිකාවල මධ්‍ය මහ විද්‍යාලය සහ මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ ජාතික පාසල් හි ' ශිල්ප කලා ' විෂය හදාරන සිසු දරු දැරියන් 42 ක් ඒ සඳහා සහභාගී විය.එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ඩී.ජී.පී විමලරත්න මහතා විසින් 'සේසත් කලාව' පිළිබඳව වටිනා න්‍යායාත්මක දේශනයක් පවත්වා ඒ පිළිබඳව මූලික අවබෝධයක් සිසු දරු දැරියන්ට ලබා දුන් අතර, ඉන් අනතුරුව උණවේරුව සේසත් ගම්මානයේ ශිල්පීන් තිදෙනකු සහභාගී කර ගනිමින් සේසත් නිර්මාණය කර ගන්නා අකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ද ලබා දෙන ලදි. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන අවසානයේ ඊට සහභාගී වූ සිසු දරු දැරියන් අගයමින් වටිනා සහතික පත්‍රයක් පිරිනමන ලදි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook