සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුරට නව අධ්‍යක්ෂවරියක්.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුරට නව අධ්‍යක්ෂවරියක්.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුරට නව අධ්‍යක්ෂවරියක්. මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා පත් වූ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන ඒ.රාජිකා ප්‍රියන්ති මහත්මිය සිය තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම 01 දා පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි පළාත් භාණ්ඩාගාරයේ දී සිදු කෙරින. රාජිකා ප්‍රියන්ති මහත්මිය මාතර දිස්ත්‍රික්කයේ ඉපිද, සිය අධ්‍යාපන කටයුතු අම්පාර සද්ධාතිස්ස විද්‍යාලයෙන් හා අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන් ලබාගනී. පසුව සිය උසස් අධ්‍යාපන කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුලත්ව රාජ්‍ය පරිපාලනය පිළිබඳ විශේෂ උපාධියත්, අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත. 1988 වර්ෂයේදී විගණන පරීක්ෂක නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ඒ මහත්මිය ඉන් අනතුරුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ , සෞබ්‍යය ගොඩනැගිලි විගණන උප කාර්යාලයේ හා අම්පාර දිස්ත්‍රික් විගණන කාර්යාලයේ සේවයේ නිරත වී සිට 2002 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගණකාධිකාරී විභාගය සමත්ව ගණකාධිකාරීවරියක ලෙස සිය රාජකාරි කටයුතු මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අරබා අනතුරුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මහනුවර මහා නගර සභාව ,පළාත් සෞබ්‍යය දෙපාර්තමේන්තුව යන ආයතනයන් රැසක සේවයේ නිරතවී ඇති අතර , මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස රාජකාරි කටයුතු සිදුකරමින් සිටිය දි 2024 අගෝස්තු මස පළමු වැනි දින සිට මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුරේ රාජකාරි කටයුතු මෙලෙස ආරම්භ කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook