
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ කණ්ඩායම් තරග ආරම්භ කෙරේ.
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ කණ්ඩායම් තරග ආරම්භ කෙරේ.
2024 වර්ෂයේ මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරඟ රැසක් මේ වනවිට ආරම්භ කර පවතී. මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායම් ශුරතාවයන් සදහා තරඟවදින අතර මේ යටතේ වොලිබෝල් බාලක බාලිකා තරඟ කෙන්ගල්ල ජාතික පාසලේදීත් , බැට්මින්ටන් තරගාවලිය දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පැවැත්විණ.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ බැට්මින්ටන් තරග ජයග්‍රාහකයින් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 30 වන දින සිදු කෙරින.