
යටිනුවර අඩු ආදායම්ලාභී ඉගෙනීමට දක්ෂ පාසල් දරුවන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කෙරේ.
යටිනුවර අඩු ආදායම්ලාභී ඉගෙනීමට දක්ෂ පාසල් දරුවන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කෙරේ.
යටිනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ පාසල් දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් යටිනුවර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.යටිනුවර ප්‍රාදේශීය සභාවේ මුදල් ප්‍රතිපාදන යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන මැතිවරණ කොම්ෂන් සභාවේ අවසරය සහිතව පවත්වන ලද අතර කිසිදු ආගම් ජාති භේදයකින් තොරව බල ප්‍රදේශයේ පවතින පාසල් මගින් අදාල දරුවන් තෝරා ගැනීමේ කටයුතු සිදුකර ඇත.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.එස්. සිසිර කුමාර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.