සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන චාරිකාවේදී ජනාධිපති හුවිමට අවස්ථාවක්.

මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන චාරිකාවේදී ජනාධිපති හුවිමට අවස්ථාවක්.

මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන චාරිකාවේදී ජනාධිපති හුවිමට අවස්ථාවක්. මහනුවර දෙනුවර අධ්‍යාපන කලාපයේ මැණික්දිවෙල මාධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව අතර තුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට අවස්ථාවක් ලැබී ඇත. මැණික්දිවෙල මාධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 570ක් පමණ ඉකුත්දා (05) එම අධ්‍යාපන චාරිකාව සදහා එක්ව සිටී අතර ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි අතර, ඒ අනුව මෙම අවස්ථාව දරුවන්හට උදාකර දී තිබේ.මෙහිදී තම විදුහලට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රිඩා පිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර දෙනුවර අධ්‍යාපන කලාපයේ මැණික්දිවෙල මාධ්‍ය මහා විදුහලේ සිසුන් ජනාධිපතිවරයා ගෙන් කළ ඉල්ලීම ඉටු කරදීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම පියවර ගනු ලැබීම විශේෂත්වයකි. සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනමින් ඉටුකර දීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් විදුහලේ ක්‍රිඩාංගණය නවීකරණය කිරීමට ද උපදෙස් ලබාදී ඇත. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය. මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.ආර්.එස්. වීරසේකර මහතා සහ ආචාර්ය මණ්ඩලයේ හා දෙමාපියන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook