සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතේ පාසල් දරුවන්  ව්‍යවසායකත්වය ගොඩනැගීමේ ව්‍යාපෘතියක් දොළුවෙන්.

මධ්‍යම පළාතේ පාසල් දරුවන් ව්‍යවසායකත්වය ගොඩනැගීමේ ව්‍යාපෘතියක් දොළුවෙන්.

මධ්‍යම පළාතේ පාසල් දරුවන් ව්‍යවසායකත්වය ගොඩනැගීමේ ව්‍යාපෘතියක් දොළුවෙන් පාසල් අතරට, පාසල් කාලයේ දී පාසලේදී සහ නිවසේ දී යම් ස්වයං වෘත්තියමය පරිසරයක ගොඩනැගීමට පරිසරය නිර්මානය කරදීමෙන් හෙට දවසේ රැකියා පෝලිම් වල නිකරුනේ රස්තියාදු නොවන , පළාතේ සංවර්ධන ක්‍රියාවලියේ දී නිෂ්පාදන අංශයේන් සුවිශේෂී දායකත්වයක් ලබා දිය හැකි දරු පිරිසක් බිහි කිරීම සදහා වූ ක්‍රියාත්මක ව්‍යාපෘතිය පසුගියදා (06) දා දොළුව ග්‍රෝවිහිල් කණ්ෂ්ඨ විද්‍යාලයෙන් දියත් කෙරෙණි.දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ප්‍රජාව ,ඝෘජු ලෙස නිපැයුම් ක්‍රියාවලියේ සක්‍රිය කිරීම තුලින් ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් දරු දැරියන් සත්ව නිෂ්පාදනයට හා කෘෂි බෝග වගාවන් සදහා යොමු කිරීමේ වැඩසටහන මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නිතිඥ ලලිත්. යු. ගමගේ මහතාගේ උපදේශකත්වයෙන් සහ පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා ගේ මෙහෙයවීමේන් ක්‍රියාවට නැංවේ. කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය මගින් කලාපිය මට්ටමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර එහි සමාරම්භක වැඩසටහනට දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් ,REDA ආයතනයේ සහකාර අධ්‍යක්ෂ එන්. ඩබ්ලිව්. ලක්ෂ්මි යන මහතාම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් සහ ග්‍රෝවිහිල්, නාරංවිට හා වැවතැන්න විද්‍යාලවල විදුහල්පතිවරුන් අධ්‍යාපන ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා පාසල් සිසු සිසුවියන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook