සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විම

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විම

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විම කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ, පාර්ලීමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (06) මාතලේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මාතලේ දිස්ත්‍රික්කය තුළ 2024 වර්ෂයේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කඳුකර දශකය” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, විමධ්‍යත අයවැය, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන ඇතුළු හඳුනගාත් ප්‍රමුඛ වැඩසටහන් අඛණ්ඩව සිදුකරගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.මෙහිදි අදහස් දක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතා, රටේ සංවර්ධනය බලාපොරොත්තු වන්නේ නම් නිසි අධ්‍යාපනය දරුවන්ට ලබා දිය යුතු බවත්, අධ්‍යාපනයට නිසි තැන ලබා දී නිසි දරුවන් සමාජ ගත කිරීම සිදු අවශ්‍යතාවය තිබෙන බව පැවසීය.ඒ සඳහා ගුරුවරුන් අවශ්‍ය බවත් මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ඇතුළු දුෂ්කර කලාප සඳහා ගුරුවරුන් ලබාදීමට පියවර ගෙන ගුරු හිඟය සඳහා පිළියම් යෙදු බවත්, මේ වන විට උපාධිධාරීන්, ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන්, අධ්‍යාපනවේදී සහ විශේෂ අවශ්‍යතා ඇති ගුරුවරුන් ලෙස තුන්දහසකට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින්, විනිවිද භාවයකින් බඳවා ගැනීමට කටයුතු කළ බව සඳහන් කළේය.මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, කාෂිකර්ම අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරීය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් යන මහත්ම මහත්මීන්, ඇතුලු රජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook