
අද ඔබේ දරුවා සුරක්ෂිතද ?
අද ඔබේ දරුවා සුරක්ෂිතද ?
වර්තමානයේ අපගේ දරුවන් නිරන්තරයෙන්ම විවිධ දුරාචාරයන් සඳහා බිලි ගැනීමට සූදානම්ව සිටින පරිසරයක එම තත්වයන් හඳුනාගැනීමටත් ඒවායින් වැලකි සිටීමටත් දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරෙනෙ “හැරවුම” මත්ද්‍රව්‍ය නිවාරණ හා යොවුන් වියේ දරුවන් සඳහා අභිප්‍රේරණ වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂී අදියරක් 06 දින මහනුවර ධර්මරාජ විද්‍යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මියගේ මෙහෙයවීම හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක එම වැඩසටහන, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සහකාරඅධ්‍යක්ෂ, මනෝවිද්‍යා උපදේශක, කථිකාචාර්ය, ඉසුරු සමරකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි.
මෙදින වැඩසටහන සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණිවල සිසු දරු දැරියන් නවසීයකට අධික පිරිසක් සහභාගී වූ අතර එම විද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩලයේ පිරිසක් සහ මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද සහභාගිව සිටියහ. විවිධ මත්ද්‍රව්‍ය දර්ශණ සහිත කාටුන් වැඩසටහන්, දෙමවුපියන් සහ වැඩිහිටියන්ගේ උපදෙස් ගරු නොකර තම අභිමතය පරිදි පමණක් කටයුතු කරමින් සමාජයේ එකම වීරයා දරුවා බවට හුවාදක්වන කාටුන් වැඩසටහන් සහ පාසල් නිල ඇඳුම සහිතව පාසල් සිසුන්ට නොගැලපෙන දර්ශන සහිත ටෙලි නාට්‍ය දිගින් දිගටම දරුවන්ට නැරඹීමට සැලැස්වීමෙන් ලාංකීය සමාජයේ අද දරුවා මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධ දුරාචාරයන්ට පහසුවෙන් හසුකරගත හැකි හරසුන් පිරිසක් බවට පත්කර ඇත. මෙම තත්වය වැලැක්වීම වෙනුවෙන් ක්‍රියාකිරීම වැඩිහිටි අප සැමගේ යුතුකමක් සහ වගකීමක් බවත් දරුවන් ලෙස එම තත්වයන් නිවැරදිව අවබෝධ කරගෙන ඉලක්කයක් සහිතව, ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන දෙමවුපියන්ගේ බලාපොරොත්තු ඉටු කල හැකි පරපුරක් බවට පත්විය යුතු බවත් සම්පත් දායක ඉසුරු සමරකෝන් මහතා එතුමන්ගේ දේශනයෙහි විශේෂයෙන් සඳහන් කළේය. මධ්‍යම පළාතේ සියලුම පාසැල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති එම වැඩසටහන දුෂ්කර ප්‍රදේශයන්හි පාසල් ද ඇතුළුව සිංහල සහ දමිල මාධ්‍ය පාසැල් 30කට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරගන්මින් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.