සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පිටිසර දේවාල රැක ගැනීමට සහ සම්ප්‍රදායන් ආරක්ෂා  කිරීම සදහා  පළාත් සභාවේ උපරිම සහාය

පිටිසර දේවාල රැක ගැනීමට සහ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම සදහා පළාත් සභාවේ උපරිම සහාය

පිටිසර දේවාල රැක ගැනීමට සහ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම සදහා පළාත් සභාවේ උපරිම සහාය ලබා දෙනවා… පළාත් ආණ්ඩුකාරවරයා පිටිසර දේවාල බස්නායක නිලමේවරුන් ට දන්වයි. මධ්‍යම පළාත තුළ පිහිටි පිටිසර දේවාල සංරක්ෂණ හා සංවර්ධනය සඳහා ආධාර කිරිමේ අරමුණින් පිහිටුවන ලද පිටිසර දේවාල සංරක්ෂණ හා සංවර්ධන භාරයේ රැස්වීමක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (14) දා මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි.මෙම භාරය මගින් දේවාල සතු ගොඩනැගිලි නඩත්තු කිරිම හා දේපල සංවර්ධනය කිරිම හා වැඩිදියුණු කිරිම, දේවාල වල පවත්වනු ලබන ආගමික පෙරහැර සදහා අවශ්‍ය මුල්‍ය ආධාර සැපයීම, දේවාල වල කාර්යයෙහි නියතු බස්නායක නිලමේවරුන් හා කලා කරුවන්ගේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා උපකාර කිරීම හා දේවාල වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ අවශ්‍ය පහසුකම් සැපයීම යන කටයුතු සඳහා මෙමගින් ආධාර සපයනු ලබයි.මෙවර මධ්‍යම පළත් සභාවේ සහයෝගය මත අදාළ ආධාර මුදල් ලබා දීම පිළිබදව සහ, පිටිසර දේවාලයන්හි පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදි සකාච්ඡාවට ලක් වුණි.පිටිසර දේවාලයන්ගේ පෙරහැර සහ අනෙකුත් කටයතු මහනුවර ඇසල පෙරහැරේම කොටසක් බවත් ඒම දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ප්‍රමුඛ සියලු දෙනා වෙත රාජ්‍ය ආයතන ඇතුලු සහය ලබා දෙන පාර්ශවයන්ගේ සහය ලබා ගෙන පෙරහර සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසද මෙහිදි නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.මෙහිදි බස්නායක නිලමේවරුන් පෙහර පැවැත්විමේදි ඇතිවන ගැටලු පිළිබදව සාකච්ඡා කළ අතර පළාත් සභාව මගින් පෙරහර පැවැත්විම සදහා ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.මෙම අවස්ථාවට ආණ්ඩුකාර සහකාර ලේකම් උදාර කොන්සිවත්ත ,මහනුවර අතිරේක දිසාපති ලලිත් ඇටම්පාවල,පළාත් සංස්කෘතික අධ්‍යක්ෂක ඉනෝදනි තඹවිට, පිටිසර දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook