
පාසල් දරුවන් සදහා මෘදු කුසලතාවන් හා ධනාත්මක ආකල්ප සහ වඩාත් හොද සමාජ අගයයන් පිළිබද දැනුවත් කිරිමේ දිස්ත්‍රික් දැනුවත් කිරිමේ වැඩසටහන
පාසල් දරුවන් සදහා මෘදු කුසලතාවන් හා ධනාත්මක ආකල්ප සහ වඩාත් හොද සමාජ අගයයන් පිළිබද දැනුවත් කිරිමේ දිස්ත්‍රික් දැනුවත් කිරිමේ වැඩසටහන
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා සංවර්ධන අංශය මගින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතාගේ හා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ අවසරය හා මග පෙන්විම් මත පාසැල් සිසුන්ගේ මෘදු කුසලතාවන්,ධනාත්මක ආකල්ප සහ වඩාත් හොද සමාජ අගයයන් පිළිබද දැනුවත් කිරිමේ කිරිමේ වැඩසටහන හා ඊට සමගාමිව විඩියෝ පටය නිර්මානය කිරිමේ දිස්ත්‍රික් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා වත්තේගම කලාපයේ පාසල් සිසුන් 350 හා පළාත් වනිතා සංවර්ධන නිලධාරින් ඇතුඵ නිලධාරින් 400 පමණ සහභාගි වන ලදි. වැඩසටහනේ සම්පත්දායකත්වය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නවාෂ් ජිෆ්රි මහතා විසින් සිදු කල අතර, මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ එරන්දි කුමාරගේ මහත්මිය,වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුෂා ඉලංගකෝන් මහත්මිය, පළාත් අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බි.ජි.එන්.කේ. සෙනරත් මහත්මිය, විදුහල්පතිවරු හා ගුරුභවතුන් පිරිසක් සහභාගි වූහ. පළාතේ සියලුම පාසල් දරුවන්ගේ සමාජීය සංවර්ධනය උදෙසා විධිමත් පරිදි පටිගත කරන ලද මෙම විඩියෝ පටය පළාත් වනිතා සංවර්ධන නිළධාරින් මගින් ඉදිරියේදි මධ්‍යම පළාතේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයම පාසල් ආවරණය වන පරිදි ප්‍රචාරය කිරිමට සැලසුම් කර ඇත.