සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

78 වන ඉන්දීය නිදහස් දින සැමරුම් උළෙලක් මහනුවර දී

78 වන ඉන්දීය නිදහස් දින සැමරුම් උළෙලක් මහනුවර දී

78 වන ඉන්දීය නිදහස් දින සැමරුම් උළෙලක් මහනුවරදී 78 වන ඉන්දීය නිදහස් දින සැමරුම් උළෙලක් (15) දින මහනුවර පිහිටි ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරියගේ නිල නිවසේදී පැවැත්විණි. මහනුවර- ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය මගින් එම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර 78 වන ඉන්දියානු නිදහස් සැමරුම වෙනුවෙන් වූ ඉන්දීය ජනපතිතුමියගේ නිදහස් දින පණිවිඩය ප්‍රකාශ කීරීම, මහනුවර, ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මහත්මිය විසින් සිදු කෙරිණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩසටහන සඳහා සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව,මහනුවර හිටපු පුරපති කේසර ඩී. සේනානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් සහ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගීව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook