
Visit Kandy 2024 දෙවන දිනයටත්.
Visit Kandy 2024 දෙවන දිනයටත්.
මධ්‍යම පළාත් වෙළද වානිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් Visit Kandy වෙළද ප්‍රදර්ශනය දෙවන දිනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර K.C.C ආයතනයේදී (19) ආරම්භ කෙරිණි.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව සංවිධානය කරනු ලබන මෙහිදි සම්ප්‍රදායික උඩරට, පහතරට සහ සබරගමුව නර්තනාංග, බෙර වාදන ඇතුළු දේශීය නර්තනාංග, අංගම්පොර ඇතුළු අංග රැසකින් සමන්විත වූ විශේෂ සංදර්ශනයක් සංවිධානය කර තිබිණී. මෙම සංදර්ශනයේ ඉදිරිපත් කළ අංග දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ශනයට ලක් වූහ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ එම්.යූ. නිශාන්ත, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට, යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.