සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ටයිකොන්ඩෝ බාලිකා ශුරතාවය මහමායාවට.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ටයිකොන්ඩෝ බාලිකා ශුරතාවය මහමායාවට.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ටයිකොන්ඩෝ බාලිකා ශුරතාවය මහමායාවට. මධ්‍යම පළාත් පාසල් ක්‍රිඩා තරගාවලියේ ටයිකොන්ඩෝ සමස්ත බාලිකා ශූරතාවය හිමිකර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සමත් විය. මෙම තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පසුගියදා පැවැත්වූ අතර 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කරනු ලබන කණ්ඩායම තෝරාගැනීම සදහා මෙම තරගාවලිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කොට පැවතුනි.දෙදිනක් පුරා පැවති මෙම තරගාවලියේ දී බාලිකා අංශයෙන් රන් පදක්කම් 10 දිනා ගනිමින් මෙවර ශුරතාවය හිමිකර ගැනීමට මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සමත් විය. එහිදී වයස අවුරුදු 16 – 18 අතර වයස් කාණ්ඩය නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට චමල්කා පුංචිහේවා, නදෙව්මි කොඩිතුවක්කු, සංචලා දෙහෙල්ගමුව ,කේශලා ලියනාරච්චි, කේශානි ජයවර්ධන, යසස්වි රවින්ද්‍රනාත් යන ක්‍රීඩිකාවන් සමත් විය. වයස අවුරුදු 18-20 අතර වයස් කාණ්ඩයේ රන් පදක්කම් දිනා ගන්නා ලද්දේ තෙනුලි පරාක්‍රම, මෙත්මිනි රත්නායක, , සත්සරනි ජයවර්ධන, නදිනි මොලගොඩ යන ක්‍රීඩිකාවන් විසිනි. මීට අමතරව රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 06ක් ද දිනා ගැනීමට ද පාසලේ ටයිකොන්ඩෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සමත් විය.තරගාවලියේ ජය සංකේත ප්‍රධානය සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ) අතුල ජයවර්ධන මහතා එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook