
මධ්‍යම පළාතේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයන්හි මුදල් ණය දෙන ව්‍යාපාර නියාමනය කිරිම අධීක්ෂණය කිරිම සහ පාලනය කිරිම සඳහා වන අතුරු සම්මත ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරිම සඳහා සාකච්ඡාවක්
මධ්‍යම පළාතේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයන්හි මුදල් ණය දෙන ව්‍යාපාර නියාමනය කිරිම අධීක්ෂණය කිරිම සහ පාලනය කිරිම සඳහා වන අතුරු සම්මත ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරිම සඳහා වන සාකච්ඡාවක් පසුගිය 22දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි. මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලෙකම් මේනක හේරත්, සහකාර අණ්ඩුකාර ලේකම් උදාර කොන්සිවත්ත, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.