සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

අපවත්වි වදාළ ඓතිහාසික ගන්නොරුව රජමහා විහාරය,උඩබෝමලුව පුරාණ විහාරයන්හී විහාරාධිපති,මල්වතු මහා විහාර පාර්ශවයේ විශේෂ  කර්මාචාර්ය ,යටිනුවර  පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක විචිත්‍රභාණී පූජ්‍යපාද අඹන්පොල ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ දේහය පිළිබදව අදාහන  පූජෝත්සව

අපවත්වි වදාළ ඓතිහාසික ගන්නොරුව රජමහා විහාරය,උඩබෝමලුව පුරාණ විහාරයන්හී විහාරාධිපති,මල්වතු මහා විහාර පාර්ශවයේ විශේෂ කර්මාචාර්ය ,යටිනුවර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක විචිත්‍රභාණී පූජ්‍යපාද අඹන්පොල ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ දේහය පිළිබදව අදාහන පූජෝත්සව

අපවත්වි වදාළ ඓතිහාසික ගන්නොරුව රජමහා විහාරය,උඩබෝමලුව පුරාණ විහාරයන්හී විහාරාධිපති,මල්වතු මහා විහාර පාර්ශවයේ විශේෂ කර්මාචාර්ය ,යටිනුවර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක විචිත්‍රභාණී පූජ්‍යපාද අඹන්පොල ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ දේහය පිළිබදව අදාහන පුජෝතස්වය 24දා ගන්නොරුව රාජකිය විද්‍යාලයිය ක්‍රිඩාංගණයේදි සිදු කෙරුණි.මෙහිදි නාහිමියන්ගේ ආදහන පුජෝත්සවයේදි සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ශාසනික අභිවෘද්ධිය මෙන්ම, ගිහි ජනතාවගේ අධ්‍යාත්මික හා සමාජයීය පැවැත්ම උදෙසා මඟ පෙන්වීමට කැප වූ නායක හිමිපාණන් වහන්සේ, ථෙරවාදී බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙන්ම මධ්‍යම පළාතේ බෞද්ධ පුනරුදය උදෙසා කළ සේවාව අගය කරන බවය.ජාතික ශාසනික කාර්යයන් වෙනුවෙන් මෙන්ම තම ප්‍රදේශයේ ආගමික මෙන්ම සමාජයීය කටයුතු වලදී පුරෝගාමීව ක්‍රියා කළ නාහිමියන්ගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ සමස්ත රජයේත් මධ්‍යම පළාත් සභාවේත් සාතිශය සංවේගය පල කර සිටින බවද මෙහිදි පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසිය.සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි,අස්ගිරි විහාර පාර්ශවේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් ඇතුලු මහා සංඝරත්නය, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි ලකි ජයවර්ධන මහතා ප්‍රමුඛ ප්‍රදේශයේ දායක දායිකාවන් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook