සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ධීරානන්දයෙත්

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ධීරානන්දයෙත්

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ධීරානන්දයෙත් පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් මප/දෙනු ධීරානන්ද මහා විද්‍යාලයේ දී පසුගියදා (29) පැවැත්විණි. මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ පාසලේ සිසුන් දැනුවත් කෙරිණි.දෙනුවර කලාපයේ මාධ්‍ය විෂය අධ්‍යක්ෂ සමන්ත බණ්ඩාර මහතාගේ සහයෝගය යටතේ පැවැත්වූ මෙම වැඩසටහනට විද්‍යාලයේ විදුහල්පති ඊ.ජේ.එම්.පී.ජී.ජී. බණ්ඩාර මහතා, මාධ්‍ය සමාජය භාර ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook