
‘කිතුල 2024’ මෙවරත්
‘කිතුල 2024’ මෙවරත්
‘කිතුල 2024’ මධ්‍යම පළාතේ අගය එකතු කළ කිතුල් නිෂ්පාදන ආශ්‍රිත වෙළඳ ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ දි (07) දින ආරම්භ කෙරිණි.මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් තුන්වන වරටත් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය දින දෙකක් පුරා පැවත්වෙන අතර මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ප්‍රදර්ශනය (08) දිනයේද දවස පුරා පැවැත්වේ.මේ සඳහා මධ්‍යම පළාතේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල නිරත ව්‍යවසායකයින් 40 ක පමණ පිරිසක් සහ තෝරාගත් පාසල් කිහිපයක දරුවන් සඳහා කිතුල් ආශ්‍රිත ආහාර නිෂ්පාදන අලෙවි කිරිමට අවස්ථාව සළසා දී තිබිණි.මෙහිදි පාසල්වල සිසු දරුවන්ගේ නිෂ්පාදන ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කර ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. පළමු දිනයේ මේ සඳහා නුගවල මධ්‍ය මහා විද්‍යාලය, කටුගස්තොට නාලන්දා මධ්‍ය මහ විදුහල, විල්ගමුව හඳුන්ගමුව මහ විද්‍යාලය, මාරක මහ විද්‍යාලය, උඩුවෙල මහ විද්‍යාලය යන පාසල් එක් වූහ.
දෙවන දිනයේදී මේ සදහා මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලය සහ යහපත් එඩේරාගේ කන්‍යාරාමය, මිනිගමුව මහ විද්‍යාලය, කටුගස්තොට සද්ධානන්ද මහ විද්‍යාලය, මාතලේ බණ්ඩාරපොල මහ විද්‍යාලය යන පාසල්වල සිසු දරු දැරියන් සහභාගී වූහ.මෙම ප්‍රදර්ශනයට සමගාමීව කිතුල් ආශ්‍රිත ආහාර සංස්කෘතියේ අතිත, වර්තමාන හා අනාගත ප්‍රවණතා මැයෙන් විශේෂ දේශනයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර තාක්ෂණ ඒකකයේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, එව්.ආර්.පී. ප්‍රනාන්දු මහතා විසින් සිදු කළේය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මධ්‍යම පාළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්. ප්‍රේමචන්ද්‍ර මහත්මිය, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, ඇතුළු කිතුල් ආශ්‍රිත ව්‍යවසායකයින්, පාසල් ගුරුභවතුන්, සිසු දරුවන් පිරිසක් එක් වූහ.