
චීනය බීජෙයි නගරය හා බැඳෙන සහෝදර නගර ගිවිසුම
චීනය බීජෙයි නගරය හා බැඳෙන සහෝදර නගර ගිවිසුම
මහනුවර නගරය හා චීනයේ බීජෙයි නගරය අතර අත්සන් කළ “ සහෝදර නගර ගිවිසුම “ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී (18) පැවැත්විණි.බීජෙයි නගරාධිපති වුලි ඩොන්ග්ලායි මහතා (Wuli Donglai) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා අතර චීනයේ ගුයියැන්ග් නගරයේදී ඉකුත් (09) දින පැවති සහෝදරත්ව නගර සමුළුවේදී සිදු මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරුණි. මෙම සාකච්ඡාවේදී නගර දෙක අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික හා වෙළද හා සංචාරක ප්‍රවර්ධනය සදහා අවශ්‍ය සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම, අධ්‍යාපන ශිෂ්‍ය හුවමාරු හා ශිෂ්‍යත්ව වැඩසටහන් ආදීය සම්බන්ධයෙන් අවස්ථා ලබා ගැනීම මගින් මහනුවර නගරයේ හා මධ්‍යම පළාතේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.එමෙන්ම “ සහෝදර නගර ගිවිසුම“ කටයුතු යාවත්කාලීනව පවත්වාගෙන යාම සමබන්ධයෙන් විශේෂ කමිටුවක් ස්ථාපිත කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, පළාත් පාලන කොමසාරිස් චමරි අතපත්තු, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජානක සකලසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළුු පිරිසක් එක් වූහ.