සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් අභිනව ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි.

මධ්‍යම පළාත් අභිනව ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි.

මධ්‍යම පළාත් අභිනව ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි. මධ්‍යම පළාත් අභිනව ගරු ආණ්ඩුකාරවර ලෙස පත් වූ මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා පසුගිය දා (27) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කලේය.මධ්‍යම පළාතේ 15 වන ආණ්ඩුකාරවර ධුරයෙන් පිදුම්ලැබූ මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා කිසිදු උත්සවයක් නොමැතිව, ආගමික වතාවත්වලින් අනතුරුව සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම සිදු කරන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කොට ඇති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා සිය ප්‍රාථමික අධ්‍යාපන කටයුතු උඩ පේරාදෙණිය ප්‍රාථමික විද්‍යාලයෙන් හා ද්විතික අධ්‍යාපනය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයෙන් ලබාගෙන අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වේ. සිය විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අවසන් කොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස සිය සේවය ආරම්භ කොට අනතුරුව ඉංජිනේරු පීඨයේ අංශාධිපති ලෙස සේවය කරයි. ඉන් අනතුරුව මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් ද රාජකාරි කටයුතු ඉටුකොට ඇති විද්වතෙකු වන අතර ඒ මහතා අභිනව මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයෙන් පසුගියදා පිදුම් ලැබීය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්. ඩී. නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ ඇතුළු පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook