සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පුරපස 2024’ සුමඟුල් කලා උළෙල

පුරපස 2024’ සුමඟුල් කලා උළෙල

පුරපස 2024’ සුමඟුල් කලා උළෙල මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ වාර්ෂික කලා උළෙල එම විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී (30) දින පැවැත්විණි. ‘පුරපස 2024’ මැයෙන් පැවැති මෙම කලා උළෙල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති, මහචාර්ය රෝහිත දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම කලා උළෙලේ ප්‍රධාන දේශනය ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ් මහතා විසින් පවත්වන ලදි. එමෙන්ම මෙම කලා උළෙලට සමගාමිව පාසල් අතර සංවිධානය කරන ලද තරග ජයග්‍රාහකයින් ඇගයීම සිදු කළ අතර විචිත්‍රවත් කලා අංග කිහිපයක් ද ඉදිරිපත් කිරීමත් සිදුවිණි.මෙම අවස්ථාව සඳහා මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩිලානි කරුණාරත්න මහත්මිය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති, ආර්.එම්. දේශප්‍රිය රත්නායක මහතා, සහකාර විදුහල්පති රංජනී ජයසේකර මහත්මිය ඇතුළු ගුරු භවතුන්, විද්‍යාලයීය කලා සංගමයේ සාමජිකයින් ආරාධිත පාසල් සිසු සිසුවියන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook