
දරුවෝ රටට සම්පතක්. අපි හැමවෙලේම රටේ අනාගතය ගැන හිතන්නේ නම් පළමුව අවධානය දරුවන්හට යොමුවිය යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන්.
දරුවෝ රටට සම්පතක්. අපි හැමවෙලේම රටේ අනාගතය ගැන හිතන්නේ නම් පළමුව අවධානය දරුවන්හට යොමුවිය යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන්.
දරුවෝ රටට සම්පතක්. අපි හැමවෙලේම රටේ අනාගතය ගැන හිතන්නේ නම් පළමුව අවධානය දරුවන්හට යොමුවිය යුතුයි. රටක යහපත් පුරවැසියෙකු බිහිකිරීමේ පදනම වන්නේ දරුවන්. ඔවුන් ගරු කටයුතු පුද්ගලයෙකු බවට ක්‍රමානුකුලව ගොඩනැගීමේ වගකීම වැඩිහිටි අප සැම දෙනාටම පවතිනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන් මහතා පවසයි.
තමාට ලැබෙන දේට වඩා වැඩි ප්‍රමානයක් සමාජයට ලබාදෙන්නේ නම් ඒ පුද්ගලයා ගරු කටයුතු පුද්ගලයෙක් බවට පත් වෙන බවත් , අද සමාජයෙන් ගිලිහි යන මේ ගුණය අපි නැවත සමාජගත කළයුතු බවත් , රටක හෙට දිනය වඩා සුභවාදී වන්නේ එවිට බව කී ඒ මහතා අද දරුවන්ට ගරුකටයුතු පුද්ගලයන්ට පමණක් සලකන්න හුරු කළ යුතු බව ද කීය. සැබෑ ලෙසම සමාජයේ ඒ අගය ගොඩනගන්න , අද සමාජයේ පවතින දේවල් වෙනසකට භාජනය කරන්න හැමදෙනාම එක්ව කටයුතු කළ යුතු යැයි ද කි ඒ මහතා රටට වැඩදායි පුද්ගලයින් බවට , අපේ ජාතියේ සම්පත බවට දරුවන් පත්කරන යුගයක් උදාකරමුයි වැඩිදුරත් ප්‍රකාශ කළේය. ඒ මහතා මෙලෙස පැවසුයේ ලෝක ළමාදින සැමරුම් වැඩසටහනට සමගාමිව සංවිධානය කරන ලද මධ්‍යම පළාත් ළමාදින සැමරුම් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම වැඩසටහන 01 දා මහනුවර කුණ්ඩසාලේ පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී (01 දින) පැවැත්විණ.
මෙම ළමාදින සමරුම් වැඩසටහන මධ්‍යම පළාතේ පිහිටි ළමා නිවාසවල වෙසෙන දරුවන් වෙනුවෙන් සංවිධානය කොට පැවතීම විශේෂත්වයකි. “දරුවන් රැකගමු - සමසේ සලකමු” යන තේමාව මුල්කර ගනිමින් සංවිධානය වූ මෙම වැඩසටහනේ දී දරුවන්ගේ දක්ෂතා අගයමින් ළමා සමාජ අතර පැවති තරගවලින් ජයගත් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග හා සහතිකපත් ලබාදීම ද සිදුවූ අතර දරුවන්ගේ කුසලතා එළි දැක්වීම ද මෙහිදී සිදුවිය.
ලෝක ළමා දිනයට සමගාමිව මධ්‍යම පළාත් තුළ නව දැක්මක් සහිතව දරුවන් ආරක්ෂාකර ගැනීම සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩසටහනේ පළමු මෘද්‍රිත පිටපත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය අබේකෝන් මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය. “සෑම දරුවෙකුටම සුරක්ෂිත ළමා ලෝකයක්” යන අරමුණ පෙරදැරි කරගෙන මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම වැඩසටහන පිළිබදව විශේෂ දැනුවත් කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ,මෘදු කුසලතා සංවර්ධන උපදේශක අසංක ජයරත්න මහතා විසින් සිදු කරන ලදී. මධ්‍යම පළාත් සමාජ සුභ සාධන ,පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොට රටටම ආදර්ශයක් ලබාදෙමින් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මධ්‍යම පළාත තුළ රජයේ ළමා මධ්‍යස්ථාන 35 ක් පවතින අතර පළාත තුළ පරිවාස කාර්යාලයන් 11 ක් ස්ථාපිත කොට ඇත.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය ,මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , රාජ්‍ය සේවා කොමිෂන් සන්හාවේ ලේකම් කුමුදුනු එස්. ප්‍රේමචන්ද්‍ර , සභා ලේකම් සුජානි විජේතුංග, සමාජ සුභ සාධන ,පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සි.කේ.ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.