
මධ්‍යම පළාතේ පරිසර නීති බලාත්මක කරමින් ජනතා හිතවාදී පළාත් පාලන යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව සැලස්මක්
මධ්‍යම පළාතේ පරිසර නීති බලාත්මක කරමින් ජනතා හිතවාදී පළාත් පාලන යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව සැලස්මක්
මධ්‍යම පළාත් තුළ පාරිසරික තුලිතතාවය ඇති කරමින් ජනහිතකාමී සමජයක් ගොඩනැගීම වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි දැනට පවතින පරිසර නීති සක්‍රිය කිරීම හා නව නීතීන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කෙරේ. ඒ අනුව ජල මුලාශ්‍ර රැකගැනීම ,කසළ කළමනාකරණය ,පාරිසරික තුලනය වෙනුවෙන් පස් අවුරුදු සැලස්මක් ක්‍රියාත්මක කිරීම , පවතින නිතින් දැඩිව ක්‍රියාත්මක කිරීම , පළාත් පාලන ආයතන මගින් නව අතුරු ව්‍යවස්ථා සකස් කිරීම ඇතුළු අංග රැසක් සැලසුම් කෙරෙන අතර ඒ සදහා ජනතා සහභාගිත්වය ලබා ගැනීමට ද නියමිතය. මෙම නව වැඩපිළිවෙල පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (16) මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් නවයාලතැන්න පළාත් පාලන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. කරුණු 54ක් යටතේ නව උපාය මාර්ගික සැලැස්ම තුළ අන්තර්ගත කිරීමට නියමිත අතර මෙහිදී අපද්‍රව්‍ය සම්පතක් බවට පත්කිරීම වෙනුවෙන් කසල කළමනාකරණය පිළිබදව අතුරු ව්‍යවස්ථා 10ක් ද සැලසුම් කෙරේ. පළාතේ පවතින පළාත් පාලන ආයතන 47 සදහා වෙන වෙනම උපාය මාර්ගික සැලසුම් සකස්කොට බල ප්‍රදේශයේ අවශ්‍යතාවය අනුව ක්‍රියාතමක කිරිම අපේක්ෂිතය. මෙම වැඩසටහන් සදහා ප්‍රජා සංවර්ධන නිලධාරින් , පරිසර නිලධාරින් , විමර්ශන නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.