
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන් මහතා හා පළාත් රාජ්‍ය සේවකයින් අතර හමුවක්
පවතින නීතියට පිටින් තමන් කිසිම දෙයක් සිදු නොකරන බවත් , කවුරුන් හෝ ආණ්ඩුකාරවරයා කිවා යැයි සදහන් කරමින් එවැනි අනීතික ක්‍රියාවක් කරන්න කීවොත් නිලධාරින් එය පෙරලා නැවත තමන්ගෙන් විමසීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන් මහතා නිලධාරීන්හට උපදෙස් ලබාදෙයි.
පවතින නීතියට පිටින් තමන් කිසිම දෙයක් සිදු නොකරන බවත් , කවුරුන් හෝ ආණ්ඩුකාරවරයා කිවා යැයි සදහන් කරමින් එවැනි අනීතික ක්‍රියාවක් කරන්න කීවොත් නිලධාරින් එය පෙරලා නැවත තමන්ගෙන් විමසීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන් මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පසුගියදා (18) පළාත් රාජ්‍ය සේවකයින් අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා , රාජ්‍ය සේවකයින් හැටියට අපිට කරන්න තියෙන එකම දේ තමයි පොදු මහජනතාව වෙත ලබාදෙන සේවාවේ මට්ටම තව ටිකක් ඉහළට ගෙනෙන එක. මේ කාරණය විතරයි අපිට හිතට ගන්න තියෙන්නේ මේ වෙලාවේ. අපි මිට වඩා හොද මහජන සේවාවක් මහජනතාවට ඉටුකළ යුතුයි. එය ඉෂ්ට කිරීමේදී ජාතීන් , ආගම් , වයස හා වෙනත් බේද නොසලකා සේවය ලබාදිම පළමු කාර්යය වියයුතු යැයි ද ආණ්ඩුකාරවර අබේකෝන් මහතා කීය.
රාජ්‍ය සේවය පිළිබදව ඒ තරම් හොද චිත්‍රයක් පසුගිය දිනවල අහන්න ලැබුණේ නෑ. මහජන බදු මුදලින් වැටුප් ලබන සියලු දෙනාහට විවිධ චෝදනා එල්ලවුණා. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය මේ සදහා ප්‍රබලව බලපා පැවතුණා. රාජ්‍ය සේවය කළමනාකරණය කළ යුතුයි කියන මතය සමාජයේ ගොඩනැගුණා. විවිධ දේ රාජ්‍ය සේවය පිළිබදව කියවුණා .ඒ සියල්ල වෙනස් කරන්න හැකියාව පවතින්නේ රාජ්‍ය සේවකයින් වන ඔබටයි. ඒ සදහා මැදිහත්ව ක්‍රියා කරන්න , සැමට එකාවන්ව සලකන්න යැයි කීය. සේවය ලබාගන්න එන ජනතාවට ඇහුම්කන්දීම නිරන්තරයෙන් සිදුකළ යුතුයි. ඒ අය අපි ළගට එන්නේ ප්‍රශ්න පවතින නිසයි . ඒවාට විසදුම් ලබාදීම අපේ වගකීමක්. සුහදශීලි භාවයෙන් මේ කටයුත්ත ඉටුකරදීම අපේ පොදු වගකීමක්. සියලු මහජනතාව අපේ ස්වාමිවරුන්. ඒ අය තමයි අපව ජිවත් කරවන්නේ , ඒ නිසා අපි අපේ වගකීම හරියට ඉටුකර දිය යුතුයි. අපි ගන්න වැටුපට ණය නැති අය විය යුතුයි. එවිටයි ගරුකටයුතු පුද්ගලයෙකු බවට පත්වන්නේ, ගන්න වැටුපට වඩා වැඩි සේවයක් කරන්න හැමෝම දායකත්වය ලබාදීම කාලින අවශ්‍යතාවයක් හා වගකීමක් යැයි ඒ මහතා පැවසිය.
රාජ්‍ය ආයතනවල නාස්තිය අවම වන ලෙස කටයුතු මනා ලෙස සංවිධානය කිරීම නිලධාරීන්ගේ වගකීමක් යැයි ද කී ඒ මහතා ජනතාව වෙනුවෙන් වගවීමෙන් කටයුතු ඉටු කරන ලෙස ද කීය . පවතින නීතියට පිටින් තමන් කිසිම දෙයක් සිදු නොකරන බවත් , කවුරුන් හෝ ආණ්ඩුකාරවරයා කිවා යැයි සදහන් කරමින් එවැනි අනීතික ක්‍රියාවක් කරන්න කීවොත් නිලධාරින් එය පෙරලා නැවත තමන්ගෙන් විමසීමට කටයුතු කරන ලෙස ද ආණ්ඩුකාරවර මහාචාර්ය අබේකෝන් මහතා නිලධාරින් හට උපදෙස් ලබාදීම ද සිදු කළ අතර, සියලුදෙනා එක්වෙලා මධ්‍යම පළාතේ ජීවත්වෙන මිනිසුන්ගේ ජිවන තත්ත්වය පවතින තැනින් ඉහළට එසවීමට වැඩි දායකත්වයක් ලබාදීමට පෙලගැසෙමු යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , සභා ලේකම් සුජානි විජේතුංග, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු පළාත් රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.