
මධ්‍යම පළාත් සභාවේ ආයතන කිහිපයක් සඳහා ප්‍රධානීන් පත්කෙරේ.
මධ්‍යම පළාත් සභාවේ ආයතන කිහිපයක් සඳහා ප්‍රධානීන් පත්කෙරේ.
මධ්‍යම පළාත් සභාවේ ආයතන කිහිපයක් සඳහා ප්‍රධානීන් පත් කිරීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර පිහිටි ආණ්ඩුකාර කර්යාලයේ දී පසුගිය දා සිදු කෙරිණි.
ඒ අනුව මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ගාමිණි රාජකරුණා මහතා පත් කෙරුණු අතර, මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති ලෙස බී.එස්.කේ. ලංකේෂ්වරගේ මහතා ද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පී.පී. ඒ. එන්. චන්ද්‍රසිරි මහතා ද මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ලෙස ඒ.ජි. මුදියන්සේ මහතා ද පත් කෙරිණි.
මීට අදාළ පත්වීම් ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර ආණ්ඩුකාර කර්යාලයේ දී පිරිනමන ලදී.