සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ  විදුහල්පතිවරුන් ඇගයීමේ උළෙල “විදුහල්පති හරසර”.

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ උළෙල “විදුහල්පති හරසර”.

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ උළෙල “විදුහල්පති හරසර”. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් විශිෂ්ට ජයක් අත් කර ගත් තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහනක් (25දා) කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සසංක තෙන්නකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් දිගන අරලිය හෝටලයේදී පැවැත්වින. “විදුහල්පති හරසර”ලෙස නම් කොට පැවති මෙම ඇගයීම් වැඩසටහනේ දී අ. පො. ස (සා/පෙළ) ප්‍රථිපල සංවර්ධනය වෙනුවෙන් ලබාදුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් උපහාර පිදීම සිදුවූ අතර, කලාපයේ සාමාන්‍ය පෙළ විශිෂ්ට දක්ෂතා දැක්වූ පාසල් 49ක විදුහල්පතිවරුන් ඇගයීමට ලක් කෙරිණ. මෙවර (2023) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සාධනයෙන් තෙල්දෙණිය කලාපය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ කලාප 100 අතරින් 41 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. පසුගියවර 95 වන ස්ථානය ලබා සිටි මෙම කලාපය කලාප 54ක් පසුකරමින් මෙම ජයග්‍රහණය අත් කර ගැනීම විශේෂත්වයකි. එසේම මධ්‍යම පළාතේ පවතින අධ්‍යාපන කලාප 15 අතරින් හයවන ස්ථානය හිමිකර ගැනීමටත් තෙල්දෙණිය අධ්‍යාපන කලාපය සමත්ව ඇත. මෙම දක්ෂතාවය පෙන්නුම්කර ඇත්තේ සමත් ප්‍රතිශතය 75.59%ක් ලෙස ලබා ගනිමිණි. පසුගිය වර්ෂයේ (2022 ) අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සාධනයෙන් සමත් ප්‍රතිශතය 65.04%ක් වූ අතර, මෙවර එම ප්‍රතිශතය 10.03%කින් වර්ධනය කර ගැනීමට සමත්ව, මධ්‍යම පළාතෙන් 14 වන තැනට පත්ව තිබූ තෙල්දෙණිය කලාපය මෙම විශිෂ්ට දක්ෂතාවය හේතුවෙන් මෙවර 06 වන ස්ථානයට පත්ව ඇත. ඉතා කෙටි කාල පරාසයක් තුළ අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇතිකරලීම වෙනුවෙන් තෙල්දෙණිය අධ්‍යාපන කලාපය තුළ විවිධ වැඩසටහන් හා විශේෂාංග රැසක් ක්‍රියාත්මක කරමින් මෙකි ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවත් , කලාපයේ අඩු වාර විභාග ලකුණු පවතින සිසුන් හදුනාගනිමින් ඔවුන් සදහා විශේෂ සම්මන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම, සෑම විෂයකටම පාසල් බද්ධව විශේෂ සම්මන්ත්‍රණ සංවිධානය කිරීම, පහසුකම් අඩු පාසල් සදහා මානව හා භෞතික සම්පත් ලබාදීම හා පරිපාලන ක්‍රමවේද විධිමත් කරමින් අධික්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, නිවැරදි ඇගයීම් ක්‍රම යොදාගැනීම වැනි ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ අධ්‍යාපන සාධන මට්ටම් ඉහළ නැංවීමට කලාපය තුළ කටයුතු යොදා පැවතීමෙන් මෙම ප්‍රතිඵලය ලබා ගැනීමට හැකි වූ බව තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සසංක තෙන්නකෝන් මහතා පවසයි. කලාපයේ දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නිසි මග පෙන්වීම් ලබාදුන් විදුහල්පතිවරුන් , කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන්, ගුරු උපදේශක වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook