සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ආර්ථික සංවර්ධන ආයතනය සඳහා(REDA) නව සභාපතිවරයෙක්.

මධ්‍යම පළාත් ආර්ථික සංවර්ධන ආයතනය සඳහා(REDA) නව සභාපතිවරයෙක්.

මධ්‍යම පළාත් ආර්ථික සංවර්ධන ආයතනය සඳහා(REDA) නව සභාපතිවරයෙක්. මධ්‍යම පළාත් සභාවේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ධුරය සඳහා ආනන්ද එච්. ස්ටීවන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී.එස් .අබයකෝන් මහතා විසින් පත්කොට ඇත.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ 154 (ඇ) වගන්තිය යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම සිදුකොට ඇති අතර පසුගියදා (29) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම පත්වීම් ලිපිය පිරිනමනු ලැබීය.අභිනව සභාපති ධුරයට පත් ආනන්ද එච්. ස්ටීවන් මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කොට ඇති අතර ශ්‍රී ලංකා තානාපති සේවයට අදාලව තානාධිපති කාර්යාල රැසක සේවය කොට ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වේ. සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස විශිෂ්ට සේවාවන් රැසක් රට දැය වෙනුවෙන් දායාද කොට ඇති ඒ මහතා ‍ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි අයෙකු වේ.රට නව පුනරුදයක් වෙත යොමු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ මධ්‍යම පළාත තුළ ස්ථාපිත කරමින්, ජන ජීවිතය පරිවර්තනීය වෙනසකට භාජනය කිරීම හා එමගින් රටේ ප්‍රගමනය සඳහා මධ්‍යම පළාතෙන් වැඩි දායකත්වයක් ලබාදීමේ අපේක්ෂාව කටයුතු සිදු කරන බවත්, ඒ වෙනුවෙන් පූර්වාදර්ශයක් ලබා දීම සදහා වැටුප් , දීමනා කිසිවක් නොලබා ස්වෙච්ඡාවෙන් රාජකාරී කටයුතු වගකීමෙන් ඉටු කිරීම තම අපේක්ෂාව බව මෙහිදී ආනන්ද එච්. ස්ටීවන් මහතා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook