
දේශීය ණය සහ සංවර්ධන වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන වල සංවර්ධන ව්‍යාපෘති සදහා ණය ආධාර ක්‍රියාත්මක කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්
දේශීය ණය සහ සංවර්ධන වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන වල සංවර්ධන ව්‍යාපෘති සදහා ණය ආධාර ක්‍රියාත්මක කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 06 දා පල්ලේකැලේ කළමනාකරණ පුහුණු ආයතනයේ දී පැවැත්විණ. මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ගේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩමුළුවේ දී දේශීය ණය හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්ෂ කේ.ඩි මිත්‍රපාල මහතා විසින් දැනට මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් පැහැදිලි කල අතර මේ වසරේ දී ද මධ්‍යම පළාතේ පළාත් පාලන හයක නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ණය මුදල් අනුමත කොට ඇති බව හෙළිදරව් කරනු ලැබිය. රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මෙම විශේෂ වැඩසටහන මගින් වාර් ෂිකව රුපියල් බිලියන 05 ක පමණ ණය ප්‍රදානයන් පළාත් පාලන ආයතන වෙත ලබා දෙයි. 14 දෙනෙකුගෙන් සමන්විත කොමසාරිස් මණ්ඩලයක් මගින් පාලනය කෙරෙන අතර අමාත්‍යාංශ ලේකම් එහි නිල ලේකම් ද වන්නේ ය. මධ්‍යම පළාත නියෝජනය කරන කොමසාරිස්වරයා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා වේ. මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, සහකාර කොමසාරිස් වරුන් ,නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් සහභාගී විය .