සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සැලසුම් අවසන් අදියරට

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සැලසුම් අවසන් අදියරට

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සැලසුම් අවසන් අදියරට මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා‍ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ, ඔක්රේ හෝටලයේදී (07) දින පැවැත්විණි. මෙම වැඩසටහන යට‍තේ මහනුවර නගරය තුළ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීම අරමුණින් නවීන තාක්ෂනය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිවෙන දැවැන්තම බහුවිද ප්‍රවාහන පර්යන්තයේ ක්‍රියාකාරිත්වය හා සැලසුම් පිළිබදව පාර්ශවකරුවන් දැනුවත් කිරීම සිදු කෙරිණි.එමෙන්ම මේ සඳහා දායකත්වය සපයනු බන පාර්ශවකරුවන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීම ද මේ දක්වා ඉටු කළ කාර්යයන් සමාලෝචනය, ගැටළු හා බාධක හඳුනාගැනීම ද මිට සමගාමිව සිදුවිණි.2024 ජනවාරි මාසයේ ආරම්භ කළ මෙම වැඩසටහන 2027 වර්ෂයේ මැද භාගයවන විට අවසන් කිරීමට යෝජිත අතර මේ වන විට ව්‍යාපෘතියේ මූලික සැලසුම් සියයට 90%ක් අවසන් කර ඇති බව එම ව්‍යාපෘතිය මගින් අනාවරණය කෙරිණි.මෙම වැඩසටහන සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය , මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතන මගින් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා ලෙස ලෝක බැංකු නියෝජිතයින්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ව්‍යාපෘති සහායක ආයතන ඇතුළු පාර්ශවකරුවන් රැසක් සහභාගී වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook