සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

චීනයේ හෙනාන් පළාතෙන් මැදරට නංවන්න ආරම්භයක්

චීනයේ හෙනාන් පළාතෙන් මැදරට නංවන්න ආරම්භයක්

චීනයේ හෙනාන් පළාතෙන් මැදරට නංවන්න ආරම්භයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ චීනයේ හෙනාන් පළාතේ, චීන මහජන දේශපාලන උපදේශක කමිටුවේ නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් (07) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.මෙම සාකච්ඡාවේදී චීනයයේ හෙනාන් පළාත හා මධ්‍යම පළාතේ අධ්‍යාපන, තාක්ෂණික, පාරිසරික හා සංචාරක අවස්ථාවන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාව සංකේතවත් කරමින් චීන දූත පිරිස හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් අතර සිහිවටන හුවමාරුවක් ද සිදුවිණි. චීනයේ හෙනාන් පළාතේ, චීන මහජන දේශපාලන උපදේශක කමිටුවේ (Chinese People's Political Consultative Conference CPPCC) උප සභාපති, ලියූ ජොයැංටෑන් (Liu Jiongtian), හෙනාන් පළාතේ සංස්කෘතික උරුමය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රෙන් වෙයි (Ren Wei) යන මහත්වරු ඇතුළු චීන නියෝජිතයින්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook